අවුරුදු සමයේ මැස්සන් නිසා ළමුන් ලෙඩ වෙයි: මේ රෝග ලක්ෂණ ඇත්නම් කරන්න ඕන දේ මෙන්න

 

අවුරුදු සමයේ පාචනය වැලඳුණු දරුවන් රෝහල්ගත වීමේ වැඩිවීමක් දක්නට ඇතැයි බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා.

මැස්සන් වසන ලද අපිරිසිදු ආහාර ගැනීම හේතුවෙන් බොහෝ දරුවන් රෝගාතුර වී මෙලෙස රෝහල්ගත කර තිබෙන බව ඔහු පැවසුවා.

බඩේ කැක්කුම, උණ සන්නිපාතය, බඩඑළිය යෑම වැනි රෝග ලක්ෂණ ඇත්නම් එය පාචනය රෝග ලක්ෂණ බව ද එවැනි දරුවන්ට උණු කර නිවාගත් පිරිසිදු ජලය, බැදිහාල් කැඳ, දොඩම්, නාරං වැනි දේ ලබාදීම ඉතා සුදුසු බවද ඔහු සඳහන් කළා.

අවුරුදු සමයේ මැස්සන් නිවෙස් තුළ බහුල වශයෙන් ආහාරවල වසන බවත් ඒවා ආහාරයට ගැනීම තුළින් බොහෝ දරුවන් රෝගාතුරව ඇති බවත් ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා වැඩිදුරටත් පැවසුවා.

Post a Comment

Previous Post Next Post